එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 427 ක්.. -
Video

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 427 ක්..

( වීඩියෝව පහතින් ) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ලකුණු 427 ක ලකුණු පුවරුවක් ගොඩනැඟුවා.

එංගලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් සුපිරි ඉනිමක් දියත්කළ ජෝ රූට් ලකුණු 141 ක් වාර්තා කළේ සිය 33 වෙනි ටෙස්ට් ශතකයද සමඟින්..

ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ ගුස් ඇට්කින්සන් ලකුණු 118 ක් රැස්කළේ සිය මංගල ටෙස්ට් ශතකයද සමඟින්..

පන්දුයැවීමේදී අනර්ඝ පන්දුයැවීමක නිරතවෙමින් අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 05 ක් බිඳදැමූ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ ලෝර්ඩ්ස් පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක කඩුලු 05 ක් බිඳහෙලූ දෙවන පන්දුයවන්නා ලෙසයි. මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේශ් රත්නායකයි.

මංගල ශතකය වාර්තා කළ ඇට්කින්සන්ගේ ඉනිම නිමාකිරීම වෙනුවෙන් සුපිරි උඩපන්දු රැකීමක නිරතවීමට මිලාන් රත්නායක සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

මිලාන් රත්නායකගේ අනර්ඝ උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button