ඕස්ට්‍රේලියාවෙන් නව ලෝක වාර්තාවක්.. -
Match Results

ඕස්ට්‍රේලියාවෙන් නව ලෝක වාර්තාවක්..

සංචාරක ඕස්ටේලියා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ඊයේ (04) පැවැත්වුණු අතර කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ටේලියාව සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 කට ලකුණු 154 ක් රැස්කළ අතර ජයග්‍රහණය සඳහා ඕස්ටේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 155 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ටේලියාව කඩුලු 03 ක් පමණක් දැවී පන්දුවාර 09 යි පන්දු 04 කදී නියමිත ඉලක්කය හඹාගියේ ට්‍රැවිස් හෙඩ්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සමගින්. වේගවත් ප්‍රහාරයක් දියත්කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 25 කින් ලකුණු 80 ක් රැස්කළ අතර මිචෙල් මාර්ශ් පන්දු 12 කදී ලකුණු 39 ක් වාර්තා කළා.

හෙඩ් සහ මාර්ශ්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සමගින් ඕස්ටේලියාව පවර්ප්ලේ පන්දුවාර 06 තුළදී ලකුණු 113 ක් වාර්තා කළ අතර එය වාර්තා අතරට එක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක පවර්ප්ලේ පන්දුවාර 06 තුළ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2023 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 102 ක් රැස්කළ දකුණු අප්‍රිකාවයි.

Highest PowerPlay score in T20Is

  • Australia 113/1 vs Scotland, 2024.
  • South Africa 102/0 vs West Indies, 2023.
  • West Indies 98/4 vs Sri Lanka, 2021.
  • West Indies 93/0 vs Ireland, 2020.
  • West Indies 92/1 vs Afghanistan, 2024.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button