ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ICC ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ICC ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට..

නිමාවූ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ දැක්වූ දක්ශතා සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

නිමාවූ තෙවන ටෙස්ට් තරඟයේ අර්ධ ශතකයක් සහ ජයග්‍රාහී ශතකයක් වාර්තා කළ පැතුම් නිශ්ශංක ස්තාන 42 කින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 39 වන ස්තානය හිමිකරගැනීමට සමත්වී තිබෙනවා. එලෙසම නිමාවූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත් කමිඳු මෙන්ඩිස් ස්තාන 06 කින් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 19 වන ස්තානයේ පසුවෙනවා.

නායක දනංජය ද සිල්වාද ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 03 කින් ඉදිරියට පැමිණෙමින් 13 වන ස්තානයේ පසුවෙනවා. එලෙසම ඔහු ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද ස්තාන 04 කින් ඉදිරියට පැමිණෙමින් 24 වන ස්තානය හිමිකරගැනීමට සමත්වී තිබෙනවා. එලෙසම තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 22 කින් ඉදිරියට පැමිණෙමින් 50 ස් වන ස්තානය හිමිකරගැනීමට සිය මංගල ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩාකළ මිලාන් රත්නායක සමත්වී තිබෙනවා.

නවතම අයි.සී.සී පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වලද ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා. ලහිරු කුමාර ස්තාන 10 කින් ඉදිරියට පැමිණෙමින් එම ශ්‍රේණිගත කිරීම්වල 32 වන ස්තානයේ පසුවන අතර ස්තාන 13 කින් ඉදිරියට පැමිණෙමින් 31 වන ස්තානය හිමිකරගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්වී තිබෙනවා.

කෙසේවෙතත් ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්තානය හිමිකරගෙන තිබූ අසිත ප්‍රනාන්දු ස්තාන 03 කින් පසුබැස තිබෙන අතර මේවනවිට ඔහු 11 ස් වන ස්තානයේ පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button