කුසල් මෙන්ඩිස්ට නව පිතිකරණ ස්තානයක්.. -
News

කුසල් මෙන්ඩිස්ට නව පිතිකරණ ස්තානයක්..

එළඹෙන සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග, NewsWire වෙත අදහස් දක්වා තිබුණා.

ඔහු පවසා තිබුණේ නවසීලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියේදී කුසල් මෙන්ඩිස්ට නොම්බර 03 න පිතිකරණ ස්තානය අහිමිවනු ඇති බවයි. දිනේශ් චන්දිමාල්ට කඩුලු රැකීමට නොහැකි අවස්තාවකදී කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ 11 ස් දෙනා අතර ක්‍රීඩාකරනවානම් ඔහුට නොම්බර 07 ස්තානයේ කඩුලුරකින පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩාකිරීමට සිදුවන බවද උපුල් තරංග, වැඩිදුරටත් පවසා තිබුණා. ඒ අනුව කමිඳු මෙන්ඩිස්ට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් හිමිවීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button