නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණු පුවරුවක්.. -
Innings Report

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණු පුවරුවක්..

සංචාරක නවසීලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට වාර්තාගත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 602 ක ලකුණු පුවරුවක් ගොඩනඟමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළා. මෙය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ ඉනිමක නවසීලන්තයට එරෙහිව ගොඩනැඟූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභීයා බවට පත්වෙමින් ටෙස්ට් පිටියේ සිය හොඳම ඉනිම ක්‍රීඩාකිරීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණේ වාර්තා රැසක් අලුත්කරමින්. සිය පස්වන ටෙස්ට් ශතකය සමඟින් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182* ක් රැස්කළා. මෙම ශතකයත් සමඟින් 2024 වසරේ ටෙස්ට් පිටියේ වැඩිම ශතකලාභීන් අතර පෙරමුණ ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා. ඒ මෙම වසරේ ටෙස්ට් ශතක 04 ක් වාර්තා කර තිබූ එංගලන්ත පිතිකරු ජෝ රූට් අභිබවා යමින්.

2024 වසරේ ටෙස්ට් පිටියේ වැඩිම ශතකලාභීන්

එලෙසම ඔහු අද වාර්තා කළ ශතකයත් සමඟින් ටෙස්ට් පිටියේ පළමු ඉනිම් 13 තුළදී වැඩිම ශතකලාභීන් අතර දෙවන තැන සහ ආසියානු පිතිකරුවන් අතරින් පළමු තැන හිමිකරගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා. ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වැනි විශිෂ්ටතමයින් හා සමතැන් ගනිමින්.

ටෙස්ට් පිටියේ පළමු ඉනිම් 13 තුළ වැඩික ශතකලාභීන්

එලෙසම කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිටියේ ලකුණු 1000 සේ සීමාව පසුකර යෑමටද අද සමත්වූ අතර එය වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ලකුණු 1000 සේ සීමාවට ලොව දෙවනුවට වේගයෙන්ම ළඟා වූ ක්‍රීඩකයා ලෙසයි. ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමතැන් ගනිමින්.

ටෙස්ට් පිටියේ වේගවත්ම ලකුණු 1000 ස වාර්තාකළ ක්‍රීඩකයින්

කමිඳු මෙන්ඩිස්ට අමතරව දිනේශ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කිරීමට සමත්වූ අතර චන්දිමාල් ලකුණු 116 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106* ක් රැස්කළා. මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88 ක් වාර්තා කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button