ICC සැත්තැම්බර් මාසයේ ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්. -
News

ICC සැත්තැම්බර් මාසයේ ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් සැත්තැම්බර් මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් නම් කර ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වී තිබෙනවා.

එංගලන්තයේදී පැවති ටෙස්ට් තරඟාවලියේ මෙන්ම පසුගිය නවසීලන්තය සමඟින් පැවති ටෙස්ට් තරඟාවලියේදී ද පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් සැත්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙන අතර, පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය ද නිර්දේශ වී තිබෙනවා.

ඊට අමතරව ස්කොට්ලන්තය සමඟින් පැවතී විස්සයි විස්ස තරඟාවලියේදී පන්දු 25 කදී ලකුණු 80ක් හා එංගලන්තය සමඟින් පැවතී එක්දින තරඟාවලියේ පලමු තරඟයේදී පිත්තෙන් නොදැවී ලකුණු 154* ක් හා පන්දුවෙන් කඩුලු 2 ක් ද, තරඟාවලියේ 05 වන තරඟයේදී තීරණාත්මක කඩුලු 4ක් ද බිඳ දැමූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ද සැත්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button