ශ්‍රී ලංකා – කොදෙව් තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය Supreme TV නාලිකාවට.. -
News

ශ්‍රී ලංකා – කොදෙව් තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය Supreme TV නාලිකාවට..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 06 කින් සමන්විත එක්දින සහ සහ විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය Supreme TV නාලිකාව විසින් ලබාගෙන තිබෙන අතර පහත සංඛ්‍යාත ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

🗼 UHF 49 (695.25 MHz) – කොළඹ
🗼 VHF 11 (217.25 MHz) – පිළියන්දල
🗼 UHF 21 (471.25 MHz) – කොළඹ
🗼 VHF 04 (62.25 MHz) – නුවර එළිය
🗼 UHF 26 (511.25 MHz) – ගොන්ගල
🗼 UHF 26 (511.25 MHz) – මහනුවර
🗼 VHF 11 (217.25 MHz) – කරගහතැන්න
🗼 UHF 21 (471.25 MHz) – පොල්ගහවෙල
🗼 UHF 21 (471.25 MHz) – බදුල්ල
🗼 UHF 26 (511.25 MHz) – රත්නපුර
🗼 UHF 26 (511.25 MHz) – අවිස්සාවේල්ල

තරඟාවලියේ සැටලයිට් විකාශන අයිතිය හිමිවී තිබෙන්නේ ඉන්දීය Sony Sports Network ක්‍රීඩා නාලිකා ජාලයටයි. ඒ අනුව මෙරට Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට තරඟාවලිය Ten Cricket නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව පවතිනවා.

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟාවලිය Sri Lanka Cricket නිළ YouTube චැනලය හරහාද නැරමීමට හැකියාව පවතිනවා.

තරඟාවලියේ කාලසටහන පහතින්

3 T20I MATCHES

  • 1st T20I – 13th Oct, at Dambulla 🏟️ | 07.00 P.M
  • 2nd T20I – 15th Oct, at Dambulla 🏟️ | 07.00 P.M
  • 3rd T20I – 17th Oct, at Dambulla 🏟️ | 07.00 P.M

3 ODI MATCHES

  • 1st ODI – 20th Oct, at Pallekele 🏟️ | 02.30 P.M
  • 2nd ODI – 23rd Oct, at Pallekele 🏟️ | 02.30 P.M
  • 3rd ODI – 26th Oct, at Pallekele 🏟️ | 02.30 P.M

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button