කුසල් මෙන්ඩිස් වසර 30 ක් පැරණි වාර්තාවක් බිඳදමයි..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය ඊයේ (13) නිමාවූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 ක පහසු ජයක් වාර්තාකරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2 ක් තුළ කඩුලු 05 කට ලකුණු 324 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් කුසල් මෙන්ඩිස් සිය සිව්වන එක්දින ජාත්‍යන්තර ශතකයද සමඟින් පන්දු 128 ක් තුළ ලකුණු 143 ක් රැස්කළා. ඔහුට අනඟි සහයක් ලබාදෙමින් අවිශ්ක ප්‍රනාන්දු සිය සිව්වන එක්දින ජාත්‍යන්තර ශතකය පන්දු 115 කදී වාර්තා කළා.
කුසල් මෙන්ඩිස් දියත්කළ ඉනිමත් සමඟින් ඔහු වාර්තා අතරට එක්වුණේ එක්දින ජාත්‍යන්තර පිටියේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඔහු බිඳදැමුවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය වසර 30 ක් පැරණි වාර්තාවක්.
Highest individual score for Sri Lanka 🇱🇰 against New Zealand 🇳🇿in ODIs.
- 143 – Kusal Mendis at Dambulla, 2024 *
- 140 – Sanath Jayasuriya at Bloemfontein, 1994
- 140 – Thisara Perera at Mount Maunganui, 2019
තෙවන කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ලකුණු 206 ක සබඳතාවයක් ගොඩනැඟූ අතර එය වාර්තා අතරට එක්වුණේ නවසීලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟූ ඉහළම සබඳතාවය ලෙසයි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේදී තරඟයට වර්ශාවෙන් බාධා ඇතිවූ අතර වර්ශාවෙන් අනතුරුව නවසීලන්තයට පන්දුවාර 27 ක් තුළ ලකුණු 221 ක ඉලක්කයක් හිමිවූ අතර නවසීලන්තයට කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 175 ක් පමණයි. ඒ අනුව ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කළා.
විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මහීශ් තීක්ශණ ලකුණු 32 කට කඩුලු 02 ක්, චරිත් අසලංක ලකුණු 15 කට කඩුලු 02 ක් සහ දිල්ශාන් මදුශංක ලකුණු 39 කට කඩුලු 03 ක් දවාගැනීමට සමත්වුණා.