ගාලු හිමිකරුවා නීතියේ රැහැනට හසුකරමින් ගෙදර ගිය කොදෙව් ක්‍රීඩකයා සියල්ල හෙළිකරයි..
මෙවර ලංකා T10 ලීග් තරඟාවලියේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට මුදලට තරඟ පාවාදීමට යෝජනා කළ බවට එම ක්‍රීඩකයා සිදුකළ පැමිණිල්ලකට අනුව ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන ප්‍රේම් තක්කාර් නැමැත්තා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය විසින් අත්තඩංගුවට ගත් අතර පසුව ඔහුව රක්ශිත බන්ධනාගාර ගත කළා.
තරඟ පාවාදීම සම්බන්ධව තමාට ලැබුණු යෝජනා පිළිබඳව මේ වන විට ගෝල් මාර්වල්ස් කණ්ඩායමෙන් ඉවත්කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩල ඇන්ඩ්‍රි ෆ්ලෙචර් හෙළිකර තිබෙනවා.
” ඔහු විසින් නම්කරන පන්දුයවන්නෙක් ඉදිරියේ දුර්වල ලෙඩ ක්‍රීඩා කලහොත් ඇමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් දෙන බවද එයට එකඟ වී තරඟය පරාජය කරවීමට සහය ලබා දුන්නොත් තවත් ඇමෙරිකානු ඩොලර් 30,000 ක මුදලක් ලබා දෙන බවට Galle Marveles කණ්ඩායමේ හිමිකරු වන ප්‍රේම් තක්කාර් තමාට යෝජනා කළ බව ” ෆ්ලෙචර් හෙළිකර තිබෙන බව වාර්තා වෙනවා.