චැම්පියන්ස් කුසලාන අර්බුදය විසඳෙයි..
පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය පිළිබඳව ඉන්දියාව සහ පාකිස්තානය අතර මාස කිහිපයක සිට පැවැති අර්බුදය මේ වනවිට සමථයකට පත්කරගැනීමට හැකිවී ඇති බව ICC ය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව 2027 වසර දක්වා ඉන්දියාවේදී හා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC තරඟාවලි වලදී ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ වෙනත් රටකදී පැවැත්වීමට ICC අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
2025 ශූරයින්ගේ කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ සඳහා සත්කාරකත්වය දරන රට තවමත් නිවේදනය කර නොමැති අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ ශ්‍රී ලංකාව තෝරාගැනීමට අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව 2025 ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා ස්ථීර වශයෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකම සහභාගී වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියට ඇතුළුවීමට තිබූ අවසන් අවස්තාවත් මේවනවිට ගිලිහී ගොස් තිබෙනවා.