ICC වසරේ නැඟීඑන ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාම නිවේදනය කරයි.. -
News

ICC වසරේ නැඟීඑන ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාම නිවේදනය කරයි..

2024 වසරට අදාළව ICC සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් නිවේදනය කිරීම ICC ය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමුව නිර්දේශිත නාම නිවේදනය කර තිබෙන්නේ වසරේ නැඟීඑන ක්‍රීඩකයා සහ වසරේ නැඟීඑන ක්‍රීඩිකාව සම්මාන සඳහායි.

වසරේ නැඟීඑන ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කමිඳු මෙන්ඩිස්ද නිර්දේශ වී තිබෙනවා. ඔහු සමඟින් පාකිස්තාන යොවුන් ක්‍රීඩක සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසෆ් සහ එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක ගස් ඇට්කින්සන් මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.

ICC වසරේ නැඟීඑන ක්‍රීඩිකාව සම්මානය වෙනුවෙන් Annerie Dercksen (SA), Saskia Horley (SCO), Shreyanka Patil (IND), Freya Sargent (IRE) නිර්දේශ වී තිබෙනවා.

ICC Emerging Men’s Cricketer of the Year; Gus Atkinson (ENG), Saim Ayub (PAK), Shamar Joseph (WI), Kamindu Mendis (SL).

ICC Emerging Women’s Cricketer of the Year; Annerie Dercksen (SA), Saskia Horley (SCO), Shreyanka Patil (IND), Freya Sargent (IRE).

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button