ට්‍රැවීස් හෙඩ්ගේ ආන්දෝලනාත්මක කඩුලු සැමරුමේ මුල හෙළිවෙයි..
ඕස්ටේලියාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරඟාවලියේ සිව්වන තරඟයේ ජය වාර්තා කිරීමට ඕස්ටේලියාව අද (30) සමත්වුණා.
ඉන්දීය දෙවන ඉනිමේ රිශාබ් පාන්ට්ගේ කඩුල්ල දවාගැනීමට ට්‍රැවීස් හෙඩ් සමත්වූ අතර ඔහුගේ කඩුලු සැමරුම බොහෝදෙනාගේ අවධානයට ලක්වූ අතර ඉන්දීය ප්‍රේක්ෂකයන් එය දැඩිව විවේචනය කර තිබුණා.
කෙසේවෙතත් එම කඩුලු සැමරුම පිළිබඳව Channel Seven විස්තර විචාරක James Brayshaw අදහස් දක්වා තිබූ අතර ඒ සඳහා මූලික වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාකළ තරඟයක් බව ඔහු පවසා තිබුණා.
2022 වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාකළ තරඟයකදී ට්‍රැවීස් හෙඩ්, ලකුණු 10 කට කඩුලු 04 ක් දවාගැනීමට සමත්වූ අතර ඉන් අනතුරුව ඔහු සමාජ මාධ්‍ය වෙත අයිස් පුරවන වීදුරුවකට සිය ඇඟිල්ල ඔබාගෙන සිටින චායාරූපයක් එක්කර තිබුණා. එය යළිත් සිහිපත් කිරීම, ට්‍රැවිස් හෙඩ්ගේ කඩුලු සැමරීමේදී සිදුවූ බව සහ රිශාබ් පාන්ට්ගේ කඩුල්ල දවාගැනීම නිසා යළිත් ඔහුට අයිස් තුළ ඇඟිල්ල ඔබාගෙන සිටීමට සිදුවනු ඇති බවට ඔහු සිහිපත් කළ බව James Brayshaw සඳහන් කර තිබුණා.
ට්‍රැවිස් හෙඩ්ගේ ආන්දෝලනාත්මක කඩුලු සැමරුම ( වීඩියෝ දර්ශණ මෙන්න )
The reason behind the Celebration of Travis Head. 😄👌 pic.twitter.com/FiRbZVYFrR
— Johns. (@CricCrazyJohns) December 30, 2024