ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට සුළු අවස්තාවක්..
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් මේවනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීම සඳහා ඉතාමත් සුළු අවස්තාවක් තවමත් පවතිනවා. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී අඩු පන්දුවාර වේගය යටතේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට දඬුවම් ලකුණු හිමිවීම මතයි.
ශ්‍රී ලංකාවට අවසන් මහා තරඟයට පිවිසීමට නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉතිරි තරඟ දෙකම අනිවාර්යෙන්ම ජයගත යුතු වන අතර තරඟ දෙක තුළදී අඩු පන්දුවාර වේගය හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දඬුවම් ලකුණු 08 ක් හිමිවීමද අනිවාර්ය වෙනවා.
මෙම සාධක දෙකම ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේදී සිදුවුවහොත් ජූනි මාසයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සමඟින් ක්‍රීඩාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්තාව උදාවෙනවා.