News
බංගලදේශ ප්‍රේක්ශකයින් තරඟ වර්ජනය කරයි..

සිම්බාබ්වේ කණ්ඩායමේ බංගලදේශ තරඟ සංචාරයට අදාළ ටෙස්ට් තරඟාවලිය මේදිනවල පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරඟයෙන් සිය මව්බිම තුළදීම සිම්බාබ්වේ හමුවේ අවමන්සහගත පරාජයකට මුහුණදීමට නජ්මුල් හොසේන් සන්ටු ප්‍රමුඛ බංගලදේශ කණ්ඩායමට සිදුවුණා.
මෙම පරාජය සහ පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම ලද අවමන්සහගත පරාජයන් හේතුවෙන් බංගලදේශ ප්‍රේක්ශකයින් තරඟ වර්ජනය කර තිබෙනවා. එවන් පසුබිමක දෙවන ටෙස්ට් තරඟයට අදාළව ප්‍රවේශපත්‍රවල මිල ඉතාමත් අඩු මුදලකට අලෙවි වුවත් දෙවන ටෙස්ට් තරඟය වෙනුවෙන් අලෙවිව ඇත්තේ ටිකට් 08 ක් පමණක් බව මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රේක්ශකයින් බංගලදේශ ක්‍රිකට් තුළින් ඈත්ව යන පසුබිමක තරඟ විකාශය කරන සමාගම්ද තරඟ විකාශය සඳහා අඩුකැමැත්තක් දක්වන බවද බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහකයින්ද අසතුටින් පසුවන බවද වාර්තාවෙනවා.