News
අතරමඟ නැවතුණු IPL සහ PSL යළිත් ඇරඹෙයි..

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ යුධ ගැටුම් හේතුවෙන් තාවකාලිකාව නවතා දැමූ IPL තරඟාවලියේ ඉතිරි තරඟ මැයි 17 වෙනිදා සිට ආරම්භ කරන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.
මැයි 17 වනදා සිට ජූනි 03 වනදා දක්වා ඉතිරි තරඟ 17 පැවැත්වීමට නියමිත අතර මූලික වටයට අයත් ඉතිරි තරඟ කිහිපය බැංගලූරු, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් වලදී ක්රිඩාකිරීමට නියමිතව ඇති අතර ප්ලේඕෆ්ස් වටයේ තරඟ පැවැත්වෙන ක්රීඩාංගණ ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
සංශෝධිත IPL කාලසටහන මෙන්න

මේ අතර ආරක්ෂක හේතූන් මත හදිසියේ නවතා දැමූ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ ඉතිරි තරඟද මැයි 17 වනදා සිට ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා තරඟය මැයි 25 ස් වනදා පැවැත්වීමට නියමිතයි.