ක්‍රීඩකයින්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යට හෙළිකළ රිශාද් හොසේන්ට වැඩ වරදියි..

තරඟයක් පැවැත්වීමට තිබූ ක්‍රීඩාංගණයක් අසළට ඉන්දීය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමත් සමඟින් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ හදිසියේ නවතා දැමීමට සිදුවූ අතර එම අවස්තාවෙ සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසුරුණු ආකාරය පිළිබඳව බංගලදේශ ක්‍රීඩක රිශාද් හොසේන් මාධ්‍යට හෙළිකර තිබුණා.
” ගුවන්තොටුපළ වසා තියෙනවා දුටුවම ගොඩක් ක්‍රීඩකයො ඇඬුවා. ඩැරල් මිචෙල් ඩුබායි වලට ගොඩ බැසීමෙන් පසු නැවත කිසි දිනෙක පාකිස්තානයට නො එන බව මට පැවසුවා. හැමෝම අතරෙ ඒ බය තිබුණා.. ටොම් කරන් ගුවන්තොටුපළ වෙත ගිය පසු ඔහු දුටුවා එය වසා ඇති බව. ඉන් පසු ඔහු නැවතත් හෝටලය වෙත පැමිණ කුඩා දරුවෙකු මෙන් ඇඬුවා. “
යනුවෙන් ඔහු මාධ්‍යට අදහස් දක්වා තිබුණු අතර ක්‍රීඩකයින්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කිරීම හේතුවෙන් බංගලාදේශ ක්‍රීඩක රිශාඩ් හුසේන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්‍රේක්ෂකයින් රාශියක් ඔහුට PSL තරඟාවලිය සදහටම තහනම් කරන ලෙසට ද පාකිස්තානු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති අතර ඔහුගේ ප්‍රකාශය හේතුවෙන් ටොම් කරන්ට සහ ඩැරල් මිචෙල් හට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කරදර ගොඩකට මුහුණ දීමට ද සිදු වුණා.