මුම්බායි ඉන්දියන්ස් පරාජයට පුහුණුකරුවන් වගකිව යුතුයි.. – හර්බජාං සිං

මෙවර IPL තරඟාවලියේ Qualifier 2 තරඟයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමඟින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් මහා තරඟයට පිවිසීමට නොහැකි වුණා.
මෙම පරාජය සම්බන්ධව සිය YouTube නාලිකාවේ ප්‍රශ්ණයකට පිළිතුරුදෙමින්, හිටපු ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාං සිං අදහස් දක්වමින් පවසා තිබෙන්නේ මෙම පරාජයට මහේල , මාලිංග ඇතුළු මුම්බායි පුහුණුකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවක් වූ බවයි.
” මුම්බායි ඉන්දියන්ස් ඩගවුට් එක බලන්න. ඔවුන් අතින් ලකුණු කාන්දු වන විට පිටතින් ඕනෑවට වඩා මැදිහත්වීමක් තිබුණා. පුහුණුකරුවන් බුම්රා වැනි පන්දුයවන්නෙකුට කළ යුතු දේ සහ නොකළ යුතු දේ පවසනවා. ක්‍රීඩක විවේකාගාරය සන්සුන්ව සහ ධෛර්යමත්ව සිටිය යුතුයි. බලාපොරොත්තු සුන් වූ බව පෙන්විය යුතු නෑ. ඉතින් කොහේහරි මට දැනුණා මේක ඕනවට වඩා වුණා. එතකොට ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම බිඳවැටෙනවා “
යනුවෙන් හර්බජාං සිං, ප්‍රකාශ කර තිබෙනවා.