News
2025 ලංකා ප්රීමියර් ලීග් තරඟාවලිය කල්යයි..

ලංකා ප්රීමියර් ලීග් ( LPL ) තරඟාවලියේ 06 වන අදියර මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
මින් පෙර LPL තරඟාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර තරඟාවලියට ජූලි මස 25 ස් වනදා සිට අගෝස්තු 25 ස් වනදා දක්වා පැවැත්වීමට දින නියමව තිබුණා. ඒ අනුව කෙසේවෙතත් තරඟාවලිය දෙසැම්බර් දක්වා කල් දැමීමටයි මේවනවිට තීරණය කර තිබෙන්නේ..