මීලඟ ටෙස්ට් ශූරතාවලිය අපි ජයග්‍රහණය කරනවා – බංග්ලාදේශ නායකයා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2025-2027 තරඟාවලිය ආරම්භ වෙමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ජුනි 17 වන ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පලමු තරඟය ජුනි 17-21 දක්වාත් දෙවන තරඟ ජුනි 25-29 දක්වාත් පැවැත්වෙන අතර, බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍යයේ කාගේත් අවදානයට ලක්වී තිබෙනවා.
” මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය අපි ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව සමඟ. අපිට ඔවුන්ව පහසුවෙන් පරාජය කරන්න පුලුවන් නිසා ඔවුන් සමඟ තරඟාවලිය ආරම්භ කරන්න ලැබෙන එක අපිට අමතර වාසියක්. අපි ඔවුන්ව කිහිප වතාවක්ම පරාජය කරලා තියනවා. මේ තරඟ දෙකම ජයග්‍රහණය කරලා හොඳ ආරම්භයක් ලබාගෙන 2027 දී අවසන් මහා තරඟය ජයග්‍රහණය කරලා අපිට ශූරයින් වෙන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා. 2026 T20 ලෝක කුසලානයේදී අපට ශූරයින් වීමට නොහැකි වුවහොත්, මෙම ටෙස්ට් ශූරතාවලි ජයග්‍රහණය, අපගේ පලමු ලෝක කුසලාන තරඟාවලි ජයග්‍රහණය වේවි.”
මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ නායකයා මෙලෙස ප්‍රකාශ කර ඇති බව සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වන අතර, බොහෝ දෙනා එය සමච්චලයට ගෙන තිබුණා.
කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සම්බන්ධයන් අප තවදුරටත් සොයා බැලූ අතර, බංග්ලාදේශ නායකයා එලෙස ප්‍රකාශයක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවවත්, පැමිණීමට පෙරවත් කර නොමැති බවට තහවුරු වුණා.