ශෝන් පොලොක් සතුව තිබූ ලෝක වාර්තාවක් වනිඳු හසරංග බිඳදමයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 16 ක තියුණු ජයක් වාර්තාකරමින් තරඟාවලිය 1-1 ලෙස සමකිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 1000 සේ කඩයිම පසුකිරීමට සමත්වුණු අතර දෙරට අතර පළමු එක්දින තරඟයේදී එක්දින ජාත්‍යන්තර කඩුලු 100 යේ සීමාව පසුකිරීමටද වනිඳු සමත්වුණා. ඒ අනුව එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 1000 සක් සහ කඩුලු 100 ක් වාර්තාකළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තා අතරට එක්වීමට වනිඳු සමත්වුණා. ඒ සඳහා වනිඳුට වැයවුණේ තරඟ 65 ක් පමණයි. තරඟ 68 ක් තුළ මෙම කඩයිම සම්පුර්ණ කර තිබූ දකුණු අප්‍රිකා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශෝන් පොලොක්, මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා.
එක්දින ලකුණු 1000 සක් සහ කඩුලු 100 යේ කඩයිමට වේගයෙන්ම ළඟාවූ ක්‍රීඩකයින්.
- 65 matches – Wanindu Hasaranga *
- 68 matches – Shaun Pollock