Gossip
තිසරගේ අලුත උපන් දුවට ලස්සන නමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා, පෙර විවාහයෙන් වෙන්වී නව විවාහයකට එළඹීම සම්බන්ධයන් පසුගිය දා පළ කර තිබූ ඡායාරූප හේතුවෙන් ඔවුන් දෙදෙනාව කාගේත් අවදානයට ලක්වුනා.
මේ අතර, ඊයේ එනම් ජූලි 7 වෙනිදා, ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වූ බවට ජනප්‍රිය නිළි ටනාශා හතරසිංහ තමාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළ කර තිබුණා.
තිසර පෙරේරා ද තම සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් පළ කර තිබූ අතර, එහි අලුත උපන් ඔහුගේ දුවගේ නම ද සඳහන් කර තිබුණා. එලෙස ඔවුන් නම තබා ඇත්තේ “තිසාරා අවිආනා පෙරේරා” ලෙසයි.
සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ පුංචි දුවගේ ඡායාරූප කිහිපයක් මෙන්න.



