නවතම ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්තාන 10 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක්.. -
News

නවතම ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්තාන 10 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක්..

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ( ICC ) විසින් නවතම එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙන අතර නිමාවූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරඟාවලියේදී විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම එක්දින ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ICC එක්දින පිතිකරණ සහ පන්දුයැවීමේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්තාන 10 ය අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් රැඳීසිටීම විශේෂත්වයක්.

ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්තාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් 06 වන ස්තානය හිමිකරගැනීමට නායක චරිත් අසලංක සමත්වී ඇති අතර ස්තාන 10 කින් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණෙමින් කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා.

Latest ICC Men’s ODI batters rankings:

  • Charith Asalanka climbs to 6th (↑2)
  • Kusal Mendis reaches 10th (↑10).

ICC එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සුපුරුදු පරිදි පෙරමුණේ පසුවීමට මහීශ් තීක්ශණ සමත් වී තිබෙනවා. ස්තාන 11 කින් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණෙමින් එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්‍තානය හිමිකරගැනීමට වනිඳු හසරංග සමත්වී ඇති අතර ICC එක්දින තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද ස්තාන 02 කින් ඉදිරියට පැමිණෙමින් 12 වන ස්‍තානය හිමිකරගැනීමට වනිඳු සමත්වී තිබෙනවා. මීට අමතරව අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

Latest ICC Men’s ODI Bowling Rankings:

  • Maheesh Theekshana – 1st (unchanged)
  • Wanindu Hasaranga – 8th (↑11)
  • Dunith Wellalage – 31st (↑5)
  • Asitha Fernando – 36th (↑23)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button