2025 ආසියානු කුසලානය UAE හීදී.. ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය සැප්තැම්බර් 14 වනදා.. -
News

2025 ආසියානු කුසලානය UAE හීදී.. ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය සැප්තැම්බර් 14 වනදා..

2025 ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වෙන කාලසීමාව සහ තරඟ කාලසටහන පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා විසින් නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරඟාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති අතර තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරඟය සැප්තැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියට එක්වන කණ්ඩායම් අට පළමු වටයේදී A සහ B යන කාණ්ඩ දෙකක් යටතේ තරඟවැදීමට නියමිත අතර A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් සහ ඕමානය ඇතුළත්ව සිටින අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ හොන්කොංග් කණ්ඩායම් තරඟ වදිනවා.

  • Group A – India, Pakistan, Oman, UAE
  • Group B – Sri Lanka, Bangladesh, Afghanistan, Hongkong

ලොවක් බලාසිටින තරඟාවලියේ උණුසුම්ම තරඟය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය සැප්තැම්බර් 14 වනදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟවදින තරඟ ත්‍රිත්වය සැප්තැම්බර් 13, 15, 18 දිනවල පැවැත්වීමට නියමිත බව වාර්තාවෙනවා.

පළමු වටයේදී ශ්‍රී ලංකාව මුහුණදන තරඟ ( කාලසටහන )

  • Sep 13 | 🇱🇰 Sri Lanka vs 🇧🇩 Bangladesh
  • Sep 15 | 🇱🇰 Sri Lanka vs 🇭🇰 Hong Kong
  • Sep 18 | 🇱🇰 Sri Lanka vs 🇦🇫 Afghanistan

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button