ආසියානු කුසලානයේ විශාල වෙනසක්.. -
News

ආසියානු කුසලානයේ විශාල වෙනසක්..

2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා තෙක් ඩුබායි සහ අබුඩාබීහි සත්කාරකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

කෙසේවෙතත් තරඟාවලියට අදාළ තරඟ 19 අතුරින් 18 කම තරඟ ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට තරඟ සංවිධාකයින් තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මේදිනවල එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම් තත්වයයි.

ඒ අනුව තරඟ ආරම්භය පෙර සැලසුම් කළ වේලාවව වඩා විනාඩි 30 කින් දීර්ඝ කර ඇති අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට තරඟ ආරම්භ කිරීමටයි මේවනවිට සැලසුම් කර තිබෙන්නේ. තරඟ 18 ක්ම රාත්‍රී 08.00 ට ආරම්භ වන අතර සැප්තැම්බර් 15 වනදාට යෙදී ඇති UAE- ඕමාන් තරඟය, තරඟාවලියේ එකම දිවා තරඟය ලෙස පැවැත්වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button