News
නවසීලන්ත සුපිරි ක්‍රිකට් තරුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට..

මීට වසර 04 කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් මේවනවිට 41 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර්, නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ මවගේ මව්බිම වන සැමෝවා කණ්ඩායම නියෝජනය කරමින් 2026 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩාකිරීමට නියමිතයි.
” මම සැමෝවා කණ්ඩායම නියෝජනය කරන බව ආඩම්බරයෙන් දැනුම්දෙනවා. මේක මම ආදරය කරන ක්‍රීඩාවට නැවත පැමිණීමක් පමණක්ම නොවේ. මෙය මගේ උරුමය, සංස්කෘතිය, ගම්මාන සහ පවුල නියෝජනය කිරීමට ලැබුණු විශාල ගෞරවයක්.. ක්‍රීඩාවට ආපසු පැමිණීමට, සංචිතයට එක්වීමට සහ පිටියේදී සහ ඉන් පිටත මගේ අත්දැකීම් බෙදාගැනීමට ලැබීම ගැන මම සතුටුවෙනවා. “
යනුවෙන් රෝස් ටේලර්, ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.
