News
අස්මත් ඔමර්සායිගෙන් නව ආසියනු කුසලාන වාර්තාවක්..

2025 ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟය ලෙසින් B කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය සහ හොංකොන්ග් චයිනා කණ්ඩායම තරඟ වැදුණු අතර ලකුණු 94 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා.
ඇෆ්ගනිස්තාන ඉනිමේදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අස්මතුල්ලාහ් ඔමර්සායි සමත්වූ අතර ඒ සඳහා ඔහුට වැයවුණේ පන්දු 20 ක් පමණයි. මෙය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසියි. 2022 දී පන්දු 22 කින් හොංකොන්ග් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් වාර්තාකර තිබූ ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා.
Fastest Fifty In T20 Asia Cup
- Azmatullah Omarzai | 20 Balls vs HKC, 2025 *
- Suryakumar Yadav | 22 Balls vs HKC, 2022
- Rahmanullah Gurbaz | 22 Balls vs SL, 2022