චාමික හා වනිඳු මිතුරු වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන වනිඳු හසරංග හා චාමික කරුණාරත්න, පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවතී කාලයේදී තරහා වී සිටි බවට ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබුණා.
තරඟ අවසානයේදී එකිනෙකා අතට අත දී ආචාර කරන අවස්ථාවේදී චාමික කරුණාරත්න අත දිගු කළත්, වනිඳු හසරංග ඔහුව පිළිනොගෙන යන අයුරු දෙතුන් වතාවක් දැකගන්නට ලැබුණා.
ඉන් අනතුරුව වනිඳු හසරංග විස්සයි විස්ස නායකත්වයේ සිටි කාලයේදී ද චාමික කරුණාරත්නට විස්සයි විස්ස සංචිතයේ අවස්ථාවක් නොලැබීමට ද ඔවුන් දෙදෙනා අතර තිබූ අමනාපවීම බලපෑ බවට බොහෝ ප්‍රේක්ශකයින් සමාජ මාධ්‍ය තුළ කතාවට ලක්වූණා.
කෙසේ නමුත්, මෙවර ආසියා කුසලාන තරඟාවලියේ, බංග්ලාදේශය සමඟින් පැවතී තරඟයේදී වනිඳු හසරංග කඩුල්ලක් ලබාගත් අවස්ථාවේදී, අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි චාමික කරුණාරත්න හා වනිඳු හසරංග “පහක් දාමින්” (High five) සමරණ ආකාරය දැකගන්නට ලැබුණා.
එම වීඩියෝ එක මෙන්න.
Wanindu & Chamika Karunaratne pic.twitter.com/a0XdzvcPYp
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) September 14, 2025