ක්‍රීඩාවේ ජීවගුණයට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කළ සිදුවීම සම්බණ්ධව ඉන්දීය නායකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය නිමාවීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩාගාරය වෙත ගිය අතර මෙය ක්‍රීඩාවේ ජීවගුණයට සිදුකළ කළු පැල්ලමක් ලෙසින් ක්‍රිකට් ලෝලීන් ඇතුළු බොහෝ දෙනා අදහස් දක්වා තිබුණා.
තරඟයෙක් අනතුරුව මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගෙන් ප්‍රශ්ණ කළ අතර ඔහු පවසා සිටියේ ” ඔවුන් පැමිණියේ තරඟ කිරීමට පමණක් බවත් ඊට උචිත පිළිතුරක් ලබා දුන් බවයි. “
” අපේ රජයත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් එකම තීරණයක හිටියෙ.. අපි මෙහෙ ආවට පස්සෙ තීරණයක් ගත්තා. අපි ආවෙ ක්‍රීඩා කරන්න විතරයි කියලා. අපි ඒකට උචිත පිළිතුරක් ඔවුන්ට ලබාදුන්නා. අපි ඉන්නෙ පහල්ගම් ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු අයත් එක්ක. ඒ වගේම ඔවුන්ගෙ පවුල් එක්ක. අපි මේ ජයග්‍රහණය පුදකරනවා අපේ නිර්භීත හමුදාවට ” ඔෆරේශන් සින්දූර් ” වෙනුවෙන් කටයුතු කළ. ” යනුවෙන් සූර්යකුමාර් යාදව් ප්‍රකශ කර සිටියා.
මේ පිළිබඳව පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු පලකළේ මෙවන් අදහසක්..
” අපි තරඟයෙන් පස්සෙ අතට අත දෙන්න සූදානමින් හිටියෙ. අපි කණගාටු වෙනවා අපේ ප්‍රතිවාදීන් ඒකට එකඟ නොවීම ගැන. අපි ඔවුන් ළඟටත් ගියා අතට අත දෙන්න නමුත් ඔවුන් ඒ වෙද්දි විවේකාගාරය ඇතුළටත් ගොස් අවසන්. අපි කණගාටුවට පත්වෙනවා මේ ආකාරයෙන් තරඟයක් අවසන් වීම ගැන. “