News
පාකිස්තානය ආසියානු කුසලානයේ ඉතිරි තරඟවලින් ඉවත්වීමේ දැඩි තීරණයක ?..

පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟය නිමාවීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තාන කණ්ඩායම සමඟින් අතට අත දීම ප්‍රතික්ෂේප කළ අතර එය මේවනවිට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා.
එලෙසම කාසිය වාසිය උරඟා බලන අවස්තාවේදී තරඟ තීරකවරයා ලෙසින් කටයුතු කළ Andy Pycroft නායකයින් දෙදෙනාට අතට අත ලබාදීමක් සිදු නොකරන ලෙසත් එය ඉන්දීය රජයට අවශ්‍ය නැති බවත් පවසා තිබෙන බව පාකිස්තානය පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව මෙම සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Moshin Naqvi අයි.සී.සී යට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ Andy Pycroft ව වහාම ආසියානු කුසලානයෙන් ඉවත්කරන ලෙසත් එසේ නොකළහොත් පාකිස්තාන කණ්ඩායම ආසියානු කුසලානයේ ඉතිරි තරඟ වර්ජනය කිරීමට පියවර ගන්නා බවත් දැනුම්දෙමින් ඔහු අනතුරු අඟවා තිබෙනවා.