විරාත් කෝලි හා සමතැන්ගනිමින් පැතුම් නිස්සංකගෙන් ආසියානු කුසලාන වාර්තාවක්.. -
News

විරාත් කෝලි හා සමතැන්ගනිමින් පැතුම් නිස්සංකගෙන් ආසියානු කුසලාන වාර්තාවක්..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවන තරඟය හොංකොන්ග් චයිනා කණ්ඩායම සමඟින් පැවැත්වුණු අතර කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මෙවර ආසියානු කුසලානයේ පිට පිට දෙවන අර්ධ ශතකයත් වාර්තා කිරීමට සුපිරි පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා. එය සිය 17 වන විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම අර්ධ ශතකලාභියා බවට පත්වීමටද පැතුම් සමත්වුණා. පැතුම් ආසියානු කුසලාන තරඟාවලියකදී රැස්කළ සිව්වන අර්ධ ශතකය මෙය වන අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලි වලදී වැඩිම අර්ධ ශතක ගණනක් රැස්කළ පිතිකරුවා ලෙසයි. ඒ ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හා සමතැන් ගනිමින්.

විස්සයි විස්ස ආසියානු කුසලානවලදී වැඩිම අර්ධ ශතකලාභීන්..

  • 04 – පැතුම් නිස්සංක 🇱🇰 **
  • 04 – විරාත් කෝලි 🇮🇳
  • 03 – මොහොමඩ් රිස්වාන් 🇵🇰

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button