සංගක්කාරව අභිබවා යමින් කුසල් මෙන්ඩිස්ගෙන් නව විස්සයි විස්ස වාර්තාවක්..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරඟය ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වුණු අතර කඩුලු 06 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරඟයේදී විශිස්ට ඉනිමක් දියත්කරමින් සිය 17 වන විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකයද සමඟින් පන්දු 52 ක් තුළ නොදැවී ලකුණු 74 ක් වාර්තා කිරීමට සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්වුණා. මෙම ඉනිමත් සමඟින් කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස ලකුණු 5000 සේ කඩයිම පසුකළ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ලකුණු 5000 සේ සීමාව පසුකළ වේගවත්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි. ඒ සඳහා කුසල් මෙන්ඩිස්‍ට වැයවී තිබෙන්නේ ඉනිම් 180 ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 186 කදී විස්සයි විස්ස ලකුණු 5000 සේ සීමාව පසුකළ හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි. ඉනිම් 195 කදී මෙම කඩයිම පසුකළ දිනේශ් චන්දිමාල් ද එම ලැයිස්තුවේ තෙවන ස්තානයේ පසුවෙනවා.
Fastest Sri Lankan player to completed 5000 runs in T20s 🇱🇰
- Kusal Mendis – 180 innings *
- Kumar Sangakkara – 186 innings
- Dinesh Chandimal – 195 innings