News
සුපිරි පිතිකරු පැතුම් නිස්සංක වාර්තා ගොන්නක් අලුත් කරයි..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරඟය ඉන්දියාව සමඟින් පැවැත්වුණු අතර තියුණු තරඟයකින් පසුව ලකුණු සමවීමෙන් අනතුරුව ක්‍රීඩාකළ සුපිරි පන්දුවාරයේදී තරඟයේ ජය තහවුරු කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී සුපිරි ඉනිමක් දියත්කරමින් සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකයද සමඟින් පන්දු 58 කින් ලකුණු 107 ක් රැස්කිරීමට සුපිරි පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා. මෙම ශතකයත් සමඟින් වාර්තා රැසක් අලුත්කිරීමට පැතුම් සමත්වුණා.
විශිස්ට ශතකයත් සමඟින් පැතුම් නිස්සංක අලුත්කළ වාර්තා සියල්ල මෙන්න.
- ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී ඉහළම ලකුණුලාභියා. ( 107 )
- තරඟ රටා ත්‍රිත්වය තුළම ශතක වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා.
- ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් වාර්තාකළ ලාබාලතම පිතිකරුවා. ( අවුරුදු 27 යි දින 131 )
- එක් විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියක් තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා. ( ලකුණු 261 )