ඉන්දීය අගමැතිට පාකිස්තාන් ක්‍රිකට් සභාපතිගෙන් සැර පිළිතුරක්.. -
News

ඉන්දීය අගමැතිට පාකිස්තාන් ක්‍රිකට් සභාපතිගෙන් සැර පිළිතුරක්..

2025 ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය ඊයේ නිමාවුණු අතර ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන් ක්‍රිකට් සභාපති මොසින් නක්වි අතින් කුසලානය ලබාගැනීම වර්ජනය කිරීමේ සිදුවීම දැඩි ආන්දෝලනයකට තුඩුදුන්නා.

එවන් පසුබිමක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය කණ්ඩායමට සුභපතමින් එක්කළ X සටහනද දෙරට අතර උණුසුම්කාරී තත්වය තවත් වැඩිවීමට හේතුවක් වුණා. එහි දැක්වුණේ “ යුද්ධයේදී මෙන්ම ක්‍රීඩා පිටියේද ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරන බවයි. ( එම X සටහන පහතින් )

නරේන්ද්‍ර මෝදිගේ X සටහනට පිලිතුරක් ලෙසින් පාකිස්තාන් ක්‍රිකට් සභාපති මොසින් නක්විද සිය X ගිණුමේ සටහනක් පලකරමින් සඳහන් කර තිබුණේ ” යුද්ධය ක්‍රිකට් පිටියට ගෙනඒම ක්‍රීඩාවට සිදුකරන නින්දාවක් ” බවයි.

යුද්ධය කියන්නෙ ඔයාගෙ ආඩම්බරයට හේතුව නම්, ඉතිහාසය දැනටම දන්නවා ඔබ පාකිස්තානය හමුවේ අවමානයට පත්වුණු හැටි. ක්‍රිකට් මැච් එකකට ආයෙම ඒ ඇත්ත වෙනස් කරන්න බෑ. යුද්ධයක් ක්‍රිකට් පිටියට රැගෙන ඒම කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට කරන නින්දාවක්. ” ඔහු එම X සටහන තුළින් ප්‍රකාශ කර තිබුණා.

මොසින් නක්විගේ එම X සටහන පහතින්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button