News
මතීශ පතිරණට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවදුරටත් අවස්තාව ?..

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණව, එළඹෙන 2026 අයි.පී.එල් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායමේ තවදුරටත් රඳවා නොගැනීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, වෙන්දේසිය වෙනුවෙන් සිය කණ්ඩායමෙන් මුදාහැරීමට නියමිත ක්‍රීඩකයින් පස්දෙනෙක් පිළිබඳව වාර්තාවනවා. ඩෙවෝන් කොන්වේ, විජේ ශංකර්, රාහුල් ත්‍රිපාති, සෑම් කරන් සහ දීපාක් හූඩා යන ක්‍රීඩකයින් ඒ අතර වනවා.
කෙසේවෙතත් මතීශ පතිරණ චෙන්නායි කණ්ඩායමෙන් මුදාහරින ක්‍රීඩකයින් පස්දෙනා අතර නොසිටින බැවින් 2026 අයි.පී.එල් තරඟාවලියේද මතීශ පතිරණට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට බොහෝවිට හැකියාව පවතිනවා. මේවනවිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතීශ පතිරණ, තරඟ 32 ක් තුළ කඩුලු 47 ක් දවාගැනීමට සමත්වී තිබෙනවා.