සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්වෙයි ද ?.. -
News

සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්වෙයි ද ?..

වැටුප් සම්බන්ධ ගැටළුවක් මුල්කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් සනත් ජයසූරිය, ඉවත්වීමට සූදානමින් සිටින බව හැඟවෙන පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය විසින් මාසිකව යෝජනා කර තිබෙන ඇමෙරිකන් ඩොලර් 15000 ක වැටුප ඇ.ඩො. 25000 දක්වා වැඩිකරන ලෙස සනත් ජයසූරීය ඉල්ලා ඇති බවත් එයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ නොවීම හේතුවෙන් ඔහු පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වුණා.

පැතිර යන මෙම පුවත් සම්බන්ධව සනත් ජයසූරිය, ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය ස්තාවරය ප්‍රකාශ කර තිබෙන අතර ඔහු එමඟින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම පුවත් සියල්ල අසත්‍ය බවත් කිසියම් හෝ පිරිසක් ක්‍රීඩකයින් සහ කණ්ඩායමේ සාමාජිකයික් ඉලක්ක කර මෙම පුවත් පතුරුවන බවත් ඉදිරියේදී වගකිවයුතු පිරිස්වලට එරෙහිව මාර්ගගත ආරක්ශණ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

පැතිර යන අසත්‍ය පුවත් සම්බන්ධව සනත් ජයසූරිය, නිළ ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button