News
2025 ලංකා ප්රීමියර් ලීග් තරඟාවලිය අත්හිටුවයි..

අවස්තා කිහිපයකදී කල්දැමුණු ලංකා ප්රීමියර් ලීග් තරඟාවලියේ හයවන අදියර 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට දින නියමවී තිබුණා. කෙසේවෙතත් 2025 ලංකා ප්රීමියර් ලීග් තරඟාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය සඳහා පහසුකම් සලසාදීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන්.
LPL තරගාවලිය නොපැවැත්වෙන බැවින් දෙසැම්බර් මාසයේදී අයර්ලන්ත කණ්ඩායම සමඟින් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද වාර්තාවෙනවා. දෙසැම්බර් මාසයේදී කණ්ඩායම් දෙකටම වෙන කිසිඳු තරගාවලියක් නොපැවැත්වෙන නිසා මෙම තරාගාවලිය පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වෙනවා.