ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දුයවන්නන් දෙදෙනාම රාජස්තාන් කණ්ඩායමෙන් ඉවතට ?.. -
News

ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දුයවන්නන් දෙදෙනාම රාජස්තාන් කණ්ඩායමෙන් ඉවතට ?..

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවන් පසුබිමක අයි.පී.එල් කණ්ඩායම් විසින් වෙන්දේසිය සඳහා මුදාහරින ක්‍රීඩකයින් පිළිබඳව මේදිනවල තොරතුරු වාර්තා වෙනවා.

කණ්ඩායම් රැසක් සිය කණ්ඩායම්වල ක්‍රීඩකයින් වෙන්දේසිය වෙනුවෙන් මුදාහරින පසුබිමක රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින්ද සිය කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නන් දෙපළ වන මහීශ් තීක්ශණ සහ වනිඳු හසරංගව මුදාහැරීමට සූදානමින් සිටින බව කණ්ඩායම් ආරංචිමාර්ග වාර්තාකරනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාට ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට සිදුවනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button