පාකිස්තානයේ සිට නැවත දිවයිනට පැමිණීමට සුදානම් වූ ක්‍රීඩකයින් 7 දෙනෙකු පිළිබඳව අනාවරණයක්… -
News

පාකිස්තානයේ සිට නැවත දිවයිනට පැමිණීමට සුදානම් වූ ක්‍රීඩකයින් 7 දෙනෙකු පිළිබඳව අනාවරණයක්…

ආරක්ශක හේතූන් මත පාකිස්තානයේ සිට නැවත දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන්කරවාගත් ක්‍රීඩකයින් 7 ත් දෙනෙකු පිළිබඳව මෙරට ප්‍රධාන පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් අනාවරණය කර තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් වාර්තාකරන පරිදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහීශ් තීක්ශණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉක්මනින් ගුවන් ටිකට්පත් වෙන්කරවාගෙන පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3.00 ට ඉල්ලාමාබාද් නුවරින් පිටත්ව යාමට සූදානම් වී තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණියහොත් පාකිස්තානයට පිටත්කර යැවීම සඳහා දිනේශ් චන්දිමාල්, නිරෝශන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, විශේන් හැලඹගේ සහ ගරුක සංකේත්ව සුදානම් කර තිබූ බවද සන්ඩේ ටයිම්ස් වාර්තාකරන අතර තරඟාවලිය නියමිත පරිදි දිගටම පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබීමද විශේෂත්වයක්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button