පැතුම් නිස්සංකගෙන් නව වාර්තා රැසක්.. -
News

පැතුම් නිස්සංකගෙන් නව වාර්තා රැසක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරඟය ඊයේ (25) පැවැත්වුණු අතර කඩුලු 09 විශිස්ට ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේදී විශිස්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිය 18 වන විස්සයි විස්ස අර්ධ ශතකයද සමඟින් පන්දු 58 ක් තුළ නොදැවී ලකුණු 98* ක් රැස්කිරීමට සුපිරි ක්‍රීඩක පැතුම් නිස්සංක සමත්වුණා. මෙම ඉනිමත් සමඟින් විස්සයි විස්ස වාර්තා රැසක් අලුත් කිරීමට පැතුම් සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභියා (ලකුණු 2326) බවට පත්වීමට පැතුම් සමත්වුණා. ඒ ලකුණු 2305 ක් ලබාසිටින කුසල් ජනිත් පෙරේරා අභිබවා යමින්. එලෙසම කැලැන්ඩර් වසර 03 ක් තුළදී විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලකුණු 500+ බැඟින් වාර්තාකිරීමට සමත් වූ පළමු සහ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද පැතුම් සමත්වුණා.

  • 713 Runs (2022)
  • 623 Runs (2024)
  • 520 Runs (2025)*

එලෙසම ඊයේ පැතුම් රැස්කළ ඉනිම වාර්තා අතරට එක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක හඹායාමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තාකළ හොඳම ඉනිම ලෙසයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2017 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 84* ක් රැස්කළ අසේල ගුණරත්නයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button