News
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අලුත් ආරම්භයක්.

පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් විශිෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සිට අලුත් ගමනක් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
පෙබරවාරි මස 7 වන දින ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානයේදී, ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.
තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පලමු තරඟය පෙබරවාරි මස 8 වෙනිදා, අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

