මෙවර IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසර.. -
News

මෙවර IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසර..

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මාර්තු 28 වනදා සිට ආරම්භ වීමට සියල්ල සූදානම්ව පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙවර තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා තෝරගනු ලැබුවා. කෙසේ නමුත් තවමත් තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල අවසරය ලැබී ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනෙකු සඳහා පමණයි. එලෙසින් කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර හට අවසරය හිමිව තිබෙනවා. ඔවුන් තිදෙනා සාර්ථක අයුරින් නියමිත ශාරික යෝග්‍යතා පරීක්ෂණයද සමත්වුන බවද වාර්තා වුනා.

කෙසේ නමුත් අනෙක් ක්‍රීඩකයන් සිව්දෙනා වන මතීෂ පතිරණ, වනිඳු හසරංග, එශාන් මාලිංග සහ නුවන් තුෂාර හට IPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල අවසරය ලැබෙන්නේ නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වුවහොත් පමනක් බවයි වාර්තා වන්නේ.

එශාන් මාලිංග පසුගිය ලෝක කුසලාන තරඟාවලියට පෙර ආබාධයකට ලක්වු අතර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ ලෝක කුසලානය අතරතුරදී ආබාධයකට ලක්වුනා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button