අරවින්ද ද සිල්වා පසුකරමින් චන්දිමාල්ගෙන් ටෙස්ට් පිටියේ සුවිශේෂී කඩයිමක්..

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමු දිනය ශ්රී ලංකා කණ්ඩායමට වැඩි ගෞරව සහිතව නිමාවුණා.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 308 ක් රැස්කළ අතර ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක දනංජයද සිල්වා සිය 13 වන ටෙස්ට් ශතකයද සමඟින් ලකුණු 120 ක් ලබා ගැනීමට සමත්වුණා. එලෙසම දිනේශ් චන්දිමාල් ලකුණු 54 ක් සහ සොනාල් දිනූශ ලකුණු 43 ක් රැස්කළා.
නායක දනංජයද සිල්වාගේ විශිස්ට ශතකයත් සමඟින් ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලි තුළ ශ්රී ලංකාව වෙනුවෙන් 50+ ඉනිම් වැඩිම ගණනක් වාර්තාකළ පිතිකරුවා බවට පත්වීමට ඔහු සමත්වුණා. ඒ හිටපු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමඟින් සමතැන් ගනිමින්.
ලෝක ටෙස්ට් ශූරතාවලි තරඟ තුළ වැඩිම 50+ ඉනිම් වාර්තාකළ ශ්රී ලංකා පිතිකරුවන් 🇱🇰
▪️Dhananjaya de Silva – 22 **
▪️Dimuth Karunaratne – 22
▪️Dinesh Chandimal – 21
එලෙසම ටෙස්ට් ක්රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් පසුකිරීමට දිනේශ් චන්දිමාල් සමත්වුණා. ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්රිකට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර 06 වැන්නා බවට පත්වීමට චන්දිමාල් සමත්වූ අතර ඒ ටෙස්ට් ලකුණු 6361 කට හිමිකම් කියන හිටපු ශ්රී ලංකා සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා අභිබවා යමින්. මේවනවිට චන්දිමාල් ටෙස්ට් ලකුණු 6415 කට හිමිකම් කියනවා.

