ඔක්තෝම්බර් සහ නොවැම්බර්හිදි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්‍තාන තරඟ සංචාරයක. -
News

ඔක්තෝම්බර් සහ නොවැම්බර්හිදි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්‍තාන තරඟ සංචාරයක.

පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරඟාවලියක් මෙන්ම, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ද්වීපාර්ශ්වික විස්සයි විස්ස තරඟාවලියක් (T20I) සහ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරඟ සංචාරයක නිරතවීමට නියමිත බව Geo News වාර්තාකරනවා.

තරඟ සංචාරයට අදාළ සියලු තරඟ ලාහෝර් සහ රාවල්පින්ඩිවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ආරංචි මාර්ගවලට අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී මෙම සියලු තරඟ පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට අදාළ කාලසටහන ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවද වාර්තාවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button