News
		
	
	
ලහිරු තිරිමාන්න රිය අනතුරකින් රෝහල් ගත කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන ළහිරු තිරිමාන්න අද (14) දින අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
A9 මාර්ගයේ 117 කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
රිය අනතුර සිදු වූ වාහන දෙකට ම අලාභ හානි වී ඇති බවත්, තිරිමාන්නට එතරම් බරපතල තුවාල නැති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
ළහිරු තිරිමාන්නව මේ වන විට අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

				
					
