පහසුකම් හොඳම නැහැ. පසුගිය දවස් කිහිපය අපිට ගොඩක් දුශ්කර වුණා – ඇන්ජලෝ මැතිව්ස් -
Conference

පහසුකම් හොඳම නැහැ. පසුගිය දවස් කිහිපය අපිට ගොඩක් දුශ්කර වුණා – ඇන්ජලෝ මැතිව්ස්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය 08 වනදා පැවැත්වීමට නියමිත අතර තරඟයට පෙර ඩලාස් ක්‍රිඩාපිටියේ අද පැවති (06) පළමු පුහුණු සැසියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් අද දෙරණ වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දින කිහිපය ඔවුන් හට දුශ්කර වූ බවත් බංග්ලාදේශයට එරෙහිව තරඟය හොඳින් ක්‍රීඩාකිරීමට බලාපොරොත්තු වෙන බවයි.

” ප්‍රැක්ටිස් පහසුකම් හොඳ නැහැ. විකට්ස් හොඳම නැහැ. මන් හිතන්නේ අපිට බැට් කරන්න බැරි උනා හරියට. අපිට හම්බ වෙච්ච පසුගිය දවස් 4,5 අපිට ගොඩක් දුෂ්කර උනා. අභියෝගාත්මක දවස් ටිකක් ගෙවුණා. ගුවන් ගමන් පැය ගණන් ප්‍රමාද වෙලා ප්‍රැක්ටිස් කැන්සල් කරන්න සිද්ද උනා අපිට. නමුත් මේක නිදහසට කරුණක් කරගන්න කැමති නැහැ අපි බාධක මැද්දේ ජයගත් කණ්ඩායමක්. ඉතින්, අපි මේ දේවල් පස්සට දාලා බංග්ලාදේශය සමඟ තරඟය හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තරඟ තුනම අපිට තීරණාත්මකයි ඉදිරි වටයට සුදුසුකම් ලබන්නනම්. සුදුසුකම් ලබන්නනම් තරඟ තුනම ජයගන්න ඕනා. බංග්ලාදේශය කියන්නෙත් ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඉතින්, අපි සියලුම වෙර දරලා ක්‍රීඩා කරන්න ඕනා මේ තරඟය ජයගන්න නම්. “

යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සිය අදහස් ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button