වසර 27 කට පසුව ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයග්රහණයක්..
තරඟ තුනකින් සමන්විත ඉන්දු – ශ්රී ලංකා එක්දින තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (07) පැවැත්වුණු අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 110 කින් පරාජයට පත්කරමින් තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙය වාර්තා අතරට එක්වුණේ 1997 වසරෙන් පසුව ඉන්දියාවට එරෙහිව ජයගත් පළමු ද්වීපාර්ශ්වික එක්දින තරඟාවලිය ලෙසයි.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 හ අවසානයේ කඩුලු 07 කට ලකුණු 248 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අවිශ්ක ප්රනාන්දු ලකුණු 96 ක් රැස්කළා. මීට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 45 ක් රැස්කළා.
ශ්රී ලංකා දඟපන්දු යවන්නන්ගෙ විශිෂ්ට පන්දුයැවීමත් සමඟින් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 138 ක් පමණයි. සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 05 ක් බිඳදැමූ අතර මෙම පන්දුයැවීමත් සමඟින් ඔහු වාර්තා අතරට එක්වුණේ එක්දින පිටියේ ඉන්දියාවට එරෙහිව දෙවරක් කඩුලු පහේ අවස්තාවන් වාර්තා කළ ලොව පළමු දඟපන්දු යවන්නා ලෙසයි.
ජෙෆ්ර්රි වැන්ඩර්සේ සහ මහීශ් තීක්ශණ අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගිය අතර අසිත ප්රනාන්දු එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා. තරඟයේ වීරයා ලෙසින් විශිෂ්ට ඉනිමක් දියත්කළ අවිශ්ක ප්රනාන්දු සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනාගත්තා.
ඒ අනුව වෙල්ලාලගේ වාර්තා අතරට එක්වුණේ ඉන්දියාවට එරෙහිව ද්වීපාර්ශ්වික එක්දින තරඟාවලියකදී තරඟයේ වීරයා සම්මානය දිනාගත් ලාබාලම ශ්රී ලංකා ක්රීඩකයා ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු සුපිරි ක්රීඩක සනත් ජයසූරියයි.
ඉන්දියාවට එරෙහිව ද්වීපාර්ශ්වික එක්දින තරඟාවලියකදී තරඟයේ වීරයා සම්මානය හිමිකරගත් ලාබාලම ශ්රී ලංකා ක්රීඩකයින්
- Dunith Wellalage ( 21 Years ) in 2024
- Sanath Jayasuriya ( 28 Years ) in 1997