ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයක්..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟය අද (09) නිමාවූ අතර කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පළමු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ලකුණු 325 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 263 ක් පමණයි.
ඒ අනුව පළමු ඉනිමේ වාසියද සමඟින් එංගලන්තය දෙවන ඉනිම ඇරඹුවත් ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ප්රමුඛ වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දුයැවීමත් සමඟින් එංගලන්තයට දෙවන ඉනිමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156 ක් පමණයි.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 219 ක්.. පැතුම් නිශ්ශංක දියත්කළ අනර්ඝ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව කඩුලු 02 ක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹායමින් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්වුණා. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙනයමින් අනර්ඝ ඉනිමක් දියත් කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 127 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ එංගලන්තය තුළදී ආසියානු කණ්ඩායමක් සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කණ්ඩායම ලෙසයි.
- 219/2 – by Sri Lanka at The Oval, 2024 *
- 180/7 – by Pakistan at Leeds, 2010
- 174/6 – by India at The Oval, 1971
- 148/6 – by Pakistan at The Oval, 2010
- 141/8 – by Pakistan at Lord’s, 1992
අද දියත්කළ අනර්ඝ ශතකයත් සමඟින් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්වුණේ එංගලන්තය තුළ ජයග්‍රාහී ටෙස්ට් තරඟයක සිව්වන ඉනිමේදී ශතකයක් වාර්තා කළ පළමු සහ එකම පිතිකරුවා ලෙසයි. එලෙසම එංගලන්තයට එරෙහිව ටෙස්ට් හඹායාමකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසින්ද පැතුම් වාර්තා අතරට එක්වුණා.
එංගලන්තයට එරෙහිව ටෙස්ට් හඹායාමකදී රැස්කළ වේගවත්ම ශතකයද තමන් සතුකරගැනීමට පැතුම් අද සමත්වුණා. ඒ පන්දු 107 කදී ශතකය වාර්තා කරමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 114 කින් ශතකයක් වාර්තා කර තිබූ Nathan Astle යි.
- 107 balls – Pathum Nissanka 🇱🇰 at The Oval, 2024 *
- 114 balls – Nathan Astle 🇳🇿 at Christchurch, 2002
- 118 balls – Rishabh Pant 🇮🇳 at The Oval, 2018
තරඟාවලියේ වීරයා සම්මානය ජෝ රූට් සහ කමිඳු මෙන්ඩිස් අතරේ සමව බෙදීගිය අතර තරඟාවලියේ වීරයා ලෙසින් පැතුම් නිශ්ශංක සම්මාන දිනාගත්තා.