News
කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ICC යෙන් තීරණයක්..

ගාල්ලේදී නිමාවූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට විනිසුරුවන් චෝදනා එල්ල කළා.
කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීතිවිරෝධී ද නැද්ද යන්න තහවුරු කරගැනීම සඳහා බ්‍රිස්බන් හිදී ස්වාධීන පරීක්ශණයකට භාජනය වුණු අතර එහි ප්‍රතිඵල අනුව කුනෙමන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීතිවිරෝධී නොවන බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුට පන්දුයැවීම සඳහා ICC ය විසින් අවසර ලබාදී තිබෙනවා.