මලයිකා අරෝරා-කුමාර් සංගක්කාර පෙම් සබඳතාව සත්‍යක් ද ? -
News

මලයිකා අරෝරා-කුමාර් සංගක්කාර පෙම් සබඳතාව සත්‍යක් ද ?

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ඉන්දීය සුපිරි නිලියක් සහ නර්තන ශිල්පිණියක් වන මලයිකා අරෝරා එක ළඟ අසුන් දෙකක සිට නරඹමින් සිටින ආකාරය දැක්වෙන චායාරූප සහ වීඩියෝ දර්ශණ මේ දිනවල ඉන්දීය සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින අතර කුමාර් සංගක්කාර සහ මලයිකා අරෝරා අතර පෙම් සබදතාවයක් පවතින බවටද කටකතා පැතිර යනවා.

කුමාර් සංගක්කාර 2021 වසරේ සිට 2024 වසර දක්වා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ අතර මෙවරද ඔහු රාජස්තාන් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරනවා. 51 හැවිරිදි මලයිකා අරෝරා මේවනවිට කිසිවකු සමඟ පෙම් සබඳතාවයක් නොමැති වීමත් ඇය තනිකඩ වීමත් හේතුවෙන් සංගා සහ මලයිකා අතර පෙම් සබඳතාවක් ඇති බවට පැතිර යන පුවත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය ප්‍රධාන පෙළේ පුවත්පතක් වන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ” යමෙකු අසල වාඩි වී සිටීමෙන් ඔවුන් පෙම් සබඳතාවක් පවත්වන බවක් අදහස් නොවන බවත් එවැනි පදනම් විරහිත කටකතා ගොතීමෙන් මිනිසුන් වැළකී සිටිය යුතු ” බව සඳහන් කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button