ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් අද අධිකරණයට.. -
News

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් අද අධිකරණයට..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ගොනුකර තිබෙන පෙත්සම අද ( 22 ) අභියාචනාධිකරණයේදී සලකා බැලුණා.

දේශීය ආදායම් සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරන බවත්, ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම් දීම සිදුකළ අතර මෙම පෙත්සම අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බව සඳහන් කළ අතර එහිදී 2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කරනු ලැබ තිබෙන බවත් එය වැරදිසහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button